මඩ වගුරු, කටු පඳුරු මතින් අකුරු සොයන නඟුල්එළියේ දරුවෝ (වීඩියෝ)

Saturday, 16 January 2021 - 13:01

%E0%B6%B8%E0%B6%A9+%E0%B7%80%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%2C+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94+%E0%B6%B4%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B1%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබූ නඟුල්එළිය ගම්මානය මුහුදු ඛාදනයට ලක්වීමත් සමග ගම්වැසියන් විකල්ප ස්ථානයක පදිංචි කෙරුණා.

ගම්මානයේ ජීවත්වූ පවුල් 26ක් පමණ වෙරළ තීරයේ සිට කිලෝ මීටර් 3ක් පමණ ඇතුළත ප්‍රදේශයක මෙලෙස පදිංචි කෙරුණේ නව නඟුල්එළිය ගම්මාන නමින්.

කෙසේ වෙතත් මෙසේ විතැන්කළ ගම්වාසීන් පවසන්නේ තමන්ට හිසට සෙවණක් ලැබුණද දරුවන්ගේ අධ්‍යාපනයට තිබු පහසුකම් මේ සමග අහිමිවී ඇති බවයි.

නව නඟුල්එළිය ගම්මානයේ ජීවත්වන දරුවන්ට නිදහස් අධ්‍යාපනයක උරුමය තිබුණද ඒ සඳහා යායුතු මඟනම් සුවපහසු එකක් නොවේ.

මුතුපන්තිය කලපුවෙන් අල්ලා ගන්නා මසුන් අලෙවි කිරිමෙන් දිවි සරි කරගන්නා මේ ගම්වැසියන්ගේ එකම අරමුණ සිය ගම්මානයට නිසි මාර්ග පහසුකමක් ලබා ගැනීමයි.

අධිවේගී මාර්ග, ගුවන් පාලම්, උමං මාර්ග පිළිබඳ පුරාජේරු කතා කියමින් සංවර්ධනයේ අරුමය කියාපාන්නට උත්සාහ කරනා බලධාරීන්ට එය නිසි ලෙස බෙදීගොස් නැති බවට නව නඟුල්එළිය ගම්මානයේ මාර්ග පහසුකම් කදිම උදාහරණයක්.

නව නඟුල්එළිය ගම්මානයේ වැසියන්ගේ බලාපොරොත්තු වෙනුවෙන් බලධාරීන්ගේ අවදානය යොමුවන තෙක් හිරු රතු මිනිත්තුව අවධානයෙන්.