රිෂාඩ් බදියුදීන්ගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

Saturday, 16 January 2021 - 13:48

%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දශක 3 ක පමණ කාලයක් පුරා පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්ද හිමි නාමලේඛන වල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

යුද්ධයෙන් අනතුරුව ඉන් අවතැන් වූ ජනතාව ස්ව කැමැත්තෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ සිය මුල්ගම්බිම් වෙත යළි පදිංචියට පැමිණිය ද ඔවුන්ගේ යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි මේ දක්වා සංවර්ධනය වී නැහැ.

එවන් තත්ත්වයක් තුළ ඔවුන් තාවකාලිකව පුත්තලම් දිස්ත්‍රික්කයේ පදිංචි වූ අතර, පසුගිය මැතිවරණ වලදී ඔවුන්ට උතුරු පළාතේ ඡන්ද දායකයන් ලෙස පුත්තලම් දිස්ත්‍රික්කයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබුණා.

එහෙත්, මෙවර ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේදී පුත්තලමේ තාවකාලිකව පදිංචි වූ උතුරු පළාතේ ඡන්ද හිමියන්ගේ නම් ලේඛනවලින් ඉවත් කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කටයුතු කර ඇති බව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සිය ලිපියෙන් පෙන්වා දෙනවා.

එම ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කිරීම යුක්ති සහගත නොවන අතර එය මානව හිමිකම් කඩ කිරීමක් ලෙසයි මන්ත්‍රීවරයා හැදින්වූයේ.

එමෙන්ම, ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි උතුරු පළාතේ ජනතාවට මෙවර ද පුත්තලම දිස්ත්‍රික්කයේ සිට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.