නෝර්වුඩ් ප්‍රදේශයේ කෙසෙල්ගමු ඔයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන් විසින් පොලිසියට ලබාදුන් තොරතුරක් අනුවයි පොලිසිය අසල ඔයේ තිබී අද මෙම සිරුර සොයාගෙ ඇත්තේ.
දින ගණනාවක් ජලයේ තිබීම හේතුවෙන් දැඩි ලෙස නරක් වී ඇති මළ සිරුරේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නැහැ.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය රෝහලට යොමු කිරීමට නියමිතයි.