ආපදාවට පත්වූ ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් බේරා ගනී (වීඩියෝ)

Saturday, 16 January 2021 - 14:58

%E0%B6%86%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කාර්මික දෝශයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ ධීවර යාත්‍රාවක් බේරා ගැනීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.

පසුගිය 13 වනදා සිලාවතුර ප්‍රදේශයෙන් ධීවර කටයුතුවලට පිටත්ව ගොස් තිබූ මෙම යාත්‍රාව ධීවරයන් දෙදෙනා සමග අතුරුදන්වී ඇති බවට ධීවර දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාවට කළ දැනුම්දීමකට අනුවයි මෙහෙයුම් ආරම්භ කෙරුණේ.

ඒ පිළිබඳ ඉන්දියාවේ චෙන්නාහි පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීමේ මධ්‍යස්ථානය ද දැනුවත් කර තිබෙනවා.

අනතුරුව ඔවුන් නාවික හමුදාවට දැනුම්දී ඇත්තේ අදාළ යාත්‍රාවේ පිටත දහන යන්ත්‍රයේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් තම සාගර කලාපයට ගසාගෙන ගොස් තිබූ යාත්‍රාව ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවක් මගින් සොයාගෙන ඇති බවයි.

පසුව මෙම ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයන් ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවක් මගින් අන්තර්ජාතික මුහුදු සීමාවට රැගෙන ඒමට කටයුතු කළ අතර නාවික ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාරක්ෂා නෞකාව විසින් ඊයේ මෙම යාත්‍රාව සහ ධීවරයන් දෙදෙනා ගොඩබිම වෙත ආරක්ෂිතව රැගෙන විත් තිබෙනවා.

නාවික හමුදාව කියාසිටියේ නාවික හමුදා සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය මගින් 2020 වසරේදී සහ මෙම වසරේ ගතවූ කාලසීමාව තුලදී පමණක් ශ්‍රී ලංකාවට අයත් කලාපය තුල විවිධ ආපදාවන්ට ලක්වූ වෙළඳ නෞකා 48ක් සහ ධීවර යාත්‍රා 123ක් මුදවා ගැනීමට සම්බන්ධ වී ඇති බවයි.

එමෙන්ම එම කාලසීමාව තුල මුහුදේදී ඇතිවූ හදිසි ආපදා සහ රෝගාබාධ හේතුවෙන් ජීවිත අවදානමට ලක්ව සිටි නාවිකයන් සහ ධීවරයන් 98 දෙනෙකුගේ ජීවිත මුදවා ගැනීමට ද අවශ්‍ය පියවර ගෙන ඇතැයි නාවික හමුදාව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories