පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මොරවැව ප්‍රාදේශීය සභාවේ නව සභාපති තේරී පත්වේ

Saturday, 16 January 2021 - 15:02

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්, ත්‍රිකුණාමලය මොරවැව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.ආර්. ජගත් කුමාර වේරගම, බහුතර මන්ත්‍රී පිරිසකගේ කැමැත්ත හිමිකරගෙන තේරී පත්ව තිබෙනවා.

ඒ ඊයේ පැවති ඡන්ද විමසීමේදීයි.

මොරවැව ප්‍රාදේශීය සභාව, මන්ත්‍රී ආසන 16 කින් සමන්විත අතර, 2018 පළාත් පාලන මැතිවරණයේදී මන්ත්‍රී ආසන 7ක් හිමිකර ගැනීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණේ.

එහෙත් දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව එම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටවූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි විපක්ෂය වශයෙන් කටයුතු කළා.

පසුගිය දෙසැම්බර් 31 වනදා පැවති මොරවැව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය බහුතර ඡන්දයෙන් පරාජයට පත්වූ අතර, ඒ අනුව, සහෝදර පක්ෂවල සහාය ද ඇතිව පාලන බලය තහවුරු කර ගැනීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව ලැබුණේ.

මේ අතර, පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ ආරම්භයේ සිටම දෙමළ ජාතික සන්ධානය බලය හිමිකරගෙන සිටි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේම උප්පුවේලි - නගර කඩවත්සතර ප්‍රාදේශීය සභාවේ පාලන බලය තහවුරු කර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි නව සභාපතිවරයා ලෙස ආර්.ඒ.ටී.එස්.ඩී රත්නායක වැඩ භාර ගැනීම ද ඊයේ සිදුකෙරුණා.