පවතින කොරෝනා අවදානම හමුවේ පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණයක් ගෙන නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.
වැලිගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ කොරෝනා වසංගතය අවසන් වන තෙක් රාජකාරී නතරකරගෙන සිටිය නොහැකි බවයි.
එබැවින් සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරන ලෙසට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට මෙන්ම මැති ඇමතිවරුන්ට ද උපදෙස් ලබාදී ඇති බව කතානායකවරයා කියාසිටියා.
පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යා හැකි පරිදි මන්ත්‍රීවරුන් ඇතුලු සියලුදෙනා දාකත්වය ලබාදිය යුතු බව ද කතානායකවරයා මෙහිදී අවධාරණය කළා.