එල්.ටී.ටී.ඊ සංවිධානය විදේශීය ත්‍රස්ත සංවිධානයක් ලෙස තවදුරටත් නම් කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
සිය විදේශීය ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවේ ඇගයීමක් සහ සංශෝධන රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් පසුගිය 14 වනදා ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි විදේශීය ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවේ එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරටත් රඳවා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.
ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ මුම්බායි ප්‍රහාරයේ සැලසුම්කරු ලෙස සැලකෙන පාකිස්ථානය කේන්ද්‍ර කොටගත් ලෂ්කාර් ඊ ටයිබා සංවිධානය ද එක්සත් ජනපද ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවේ තවදුරටත් රඳවාගෙන ඇති බවයි.
ලාහෝර් නුවරදී 2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත් බස් රථයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ ලෂ්කාර් ජාන්ග්වි සංවිධානය ද එලෙස තවදුරටත් ඇමෙරිකාවේ ත්‍රස්ත සංවිධානයක් වනවා.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙලෙස එරට විදේශීය ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවේ ඇගයීමක් සිදුකර ඇත්තේ ජනපති ට්‍රම්ප්ගේ පාලනයේ අවසන් ඇගයීම ලෙසයි.
එහි එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස මුලින්ම නම් කෙරුණේ 1997 වසරේ අගෝස්තු 10 වනදායි.