ඇමරිකාවේ සිට පැමිණි පරෙවියෙක් මරා දාන්න ඔස්ට්‍රේලියාව සූදානම් වෙයි

Saturday, 16 January 2021 - 16:34

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මේ අතර අමෙරිකාවේ සිට පැසිෆික් සාගර කලාපය ඔස්සේ කිලෝ මීටර් 15,000ක් පසුකර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පරවියෙකු මරා දැමීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ, පවතින කොවිඩ් 19 අවදානම හේතුවෙන් නව සෞඛ්‍ය අවදානමක් මතුවිය හැකි බවට ඉදිරිපත්ව ඇති දත්ත අනුවයි.

අමෙරිකාවේ සිට කිලෝමිටර් 15,000ක දුරක් ගෙවා දමමින් පැසිෆික් සාගරය තරණය කළ නෞකාවකින් මෙම පරෙවියා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවට එරට බලධාරීන් සැක පළකරනවා.

මෙල්බන් නුවර වැසියෙකු විසින් මෙම පරවියා පසුගිය දිනක අල්ලාගෙන තිබූ අතර,  එම පක්ෂියාගේ පාදයේ සවිකර තිබූ කේත සටහනකින් තහවුරු වී ඇත්තේ එම පක්ෂියා අමෙරිකාවේ සිට පැමිණි පරවියෙකු බවටයි.

ඒ අනුව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ කොවිඩ් 19 වසංගතය හමුවේ දැඩි සංචරණ ක්‍රියාපිළිවෙතතක් අනුගමනය කරන ඔස්ට්‍රේලියාවේ නිරෝධායන නීතිරීති මෙම පරවියාගේ සංක්‍රමණයත් සමග උල්ලංඝනය වී ඇති බවයි.

ඒ හරහා නව සෞඛ්‍ය අවදානමක්ද මතුවිය හැකි බවට මත පළවී තිබෙනවා.

“ජෝ ද පිජන්“ ලෙසින් ප්‍රකටව සිටින මෙම පක්ෂියා ඒ අනුව මරා දැමීමටයි ඔස්ට්‍රේලියානු බලධාරීන් තීරණය කර තිබෙන්නේ.

පරවි තරග සඳහා යොදාගත් බවට විශ්වාස කෙරෙන “ජෝ“ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පැවති ක්‍රීඩා උත්සවයක් අතරතුර පලා ගොස් ඇති බවටද සැක පළවනවා.

අදාළ පක්ෂියා මරා දැමීමට ඔස්ට්‍රේලියාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අප්‍රසාදය පළකිරීම හේතුවෙන් ඒ පිළිබඳ යළි සලකා බැලීමට නියමිතයි.