ජනවාරි 25 සිට උපකාරක පන්ති පැවැත්වීමට අවසර - බස්නාහිර පන්ති ආරම්භය කල් යයි (වීඩියෝ)

Saturday, 16 January 2021 - 16:52

%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+25+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+-+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ජනවාරි මස 25 වනදා සිට උපකාරක පංති පැවැත්වීමට අවසර ලබාදී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

කෙසේවෙතත් බස්නාහිර පළාතේ උපකාරක පන්ති ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාදවන බවයි ඔහු සඳහන් කළේ.

උපකාරක පන්ති පැවැත්වීමට අවශ්‍ය චක්‍රලේඛණය ද ඊයේ නිකුත් කළ බව වෛද්‍ය අසේල ගුණවර්ධන කියාසිටියා.

එම චක්‍රලේඛයට අනුව බස්නාහිර පළාතෙන් පිටත උපකාරක පන්ති පැවැත්වීමට ජනවාරි 25 වනදා සිට අවසර හිමිවන අතර එක් පන්තියකට සහභාගී කරගත හැක්කේ ඉඳගැනීමට ඇති පුටු ප්‍රමාණයෙන් සියයට 50ක් සහ උපරිම ළමුන් සංඛ්‍යාව 100ක් දක්වා පමණයි.

මෙම උපකාරක පන්ති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පමණක් විවෘත කරන ලෙසටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටින්නේ.

අනතුරුව රටේ පවතින තත්වය සමග අනෙක් උපකාරක පන්ති විවෘත කළ හැකි බව ඔහු කියාසිටියා.

උපකාරක පන්ති පවත්වාගෙන යායුත්තේ කෙසේ ද, පැවැත්විය යුතු කාලය, පන්ති පිරිසිදු කිරීම යන ක්‍රියාවලීන්ට අදාළ මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර එම සියලු කරුණු චක්‍රලේඛයේ අඩංගු කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

එම උපදෙස් අනුව කටයුතු කරන ලෙසට ද ඔහු උපකාරක පන්දු ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කළා.

පන්දු සඳහා දිස්ත්‍රික්ක හරහා පැමිණීමට අවසර නොමැති අතර දිස්ත්‍රික්ක තුල ළමුන්ට සහ ගුරුවරුන්ට පමණක් පන්ති පවත්වාගෙන යාමට හැකියාව පවතිනවා.

මේ අතර බස්නාහිර පළාතේ උපකාරක පන්ති පැවැත්වීම තවදුරත් ප්‍රමාද වන අතර බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කර සති දෙකකට පමණ පන්ති ආරම්භ කිරීමට අවසර ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේවෙතත් එම සියලු දේ තීරණය කිරීමේ හැකියාව පවතින්නේ රටේ පවතින තත්වයන්ට අනුව බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළා.

කිසියම් ප්‍රදේශයක්  හුදෙකලා කර හෝ සංචරණය සීමා කර ඇත්නම් එම පළාතේ ඇති උපකාරක පන්ති පැවැත්විය නොහැකි බව ද ඔහු කියාසිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories