නැගෙනහිර පර්යන්තය ගැන සාකච්ඡාවක් විසඳුමකින් තොරව අවසන් (වීඩියෝ)

Saturday, 16 January 2021 - 19:37

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීමට ජනාධිපතිවරයා පත් කළ අනුකමිටුව සමඟ අද පෙරවරුවේ වරාය වෘත්තීය සමිති එකමුතුව පැවැත්වූ සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා.

මේ අතර, නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමට විකිණීමට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අද ඔන් ලයින් පෙත්සමක් අත්සන් කළා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කිරීමට ජනාධිපතිවරයා පත් කළ අනුකමිටුව සාමාජිකයින් 7 දෙනෙකුගෙන් යුක්ත වනවා.

එම කමිටුව සහ වරාය වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පැවැත්වුණේ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේදීයි.

මේ අතර, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති එකමුතුව මීට අදාළව ඔන්ලයින් පෙත්සමක් ද අත්සන් කිරීම අද සිදුකළේ දෙහිවලදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories