බස්නාහිර පළාතෙන් පිටතදී සෞඛ්‍ය උපදෙස් කඩ කළ 29ක් අත්අඩංගුවට

Sunday, 17 January 2021 - 10:38

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%85+29%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7


බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවල සිදු කළ මෙහෙයුම්වලින් මුහුණු ආවරණ නොමැති සහ දුරස්ථ භාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා අදාළ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 2578ක් පමණ වන බවයි.

එම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර මේවන විට කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ සහ දිවයිනේ විවිධ ග්‍රාම සේවා වසම් වීදි සහ මහල් නිවාස කිහිපයක හුදෙකලා කිරීම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

එම ජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගතව කටයුතු කරන ලෙසට.

එසේ කටයුතු නොකළ හොත් තවදුරටත් ආසාදිතයන් වාර්තාවීම හමුවේ හුදෙකලා කිරීම් නියෝග ඉවත් කිරීම කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙනවා.

හුදෙකලා බව ඉවත් කළ ප්‍රදේශවල ජනතාවගෙන් ද ඉල්ලා සිටින්නේ නිරන්තරයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නිරෝධායන නීතින්වලට අනුගතව කටයුතු කරන ලෙසටයි.

දීර්ඝ කාලයක් හුදෙකලා කිරීමෙන් අනතුරුව හුදෙකලා බවින් නිදහස්ව ඇති කොළඹ මධ්‍යම සහ කොළඹ උතුර සහ ප්‍රදේශවල ජනතාව ද විශේෂයෙන් මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු වනවා.

එසේ නොකල හොත් නැවතත් හුදෙකලා කිරීමට සිදුවීමේ හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කළේ. මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය වන අතර කණ්ඩායම් ලෙසට එක්රැස්වී කරන ක්‍රියාකාරකම්වලින් ද වැලකිය යුතුයි.

මේ අතර යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ විදෙස් ශ්‍රමිකයන් රැගෙන ඒම විධිමත් කරමින් ඔවුන් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවයි.

සෑම දිනකම 500ත් 700ත් අතර ප්‍රමාණයක් රැගෙන එන අතර ඔවුන් රජයේ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකරන බව ද ඔහු කියාසිටියා.

මේ දක්වා හැත්තෑ තුන්දහසකට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් මේ දක්වා දිවයිනට ගෙන්වාගෙන ඇති බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දුන්නේ.