නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වසරේ පාර්ලිමේන්තුවට (වීඩියෝ)

Sunday, 17 January 2021 - 13:00

%E0%B6%B1%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මේ වසර අවසාන වීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළා.

පේරාදෙණිය - ගැටඹේ රාජෝපවනාරාමයට ඊයේ පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මෙහිදී අමාත්‍යවරයා රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් සමඟ පිළිසඳරකද නිරතවුණා.

එහිදී උන්වහන්සේ අමාත්‍යවරයාට ප්‍රකාශ කර සිටියේ පැවති යහපාලන ආණ්ඩු සමයේ මෙරට නීතිය, අවනීතිය බවට පත්ව තිබූ බවයි.