දෙවනගල පුදබිමේ තවත් පුරාවිද්‍යා හානියක් (වීඩියෝ)

Sunday, 17 January 2021 - 13:03

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුදබිම ආශ්‍රිතව තවත් ඉපැරණි භූමියක් කිසියම් පිරිසක් විසින් අද උදෑසන ඩෝසර් කර තිබෙනවා.

ඒ දෙවනගල පුදබිම ආශ්‍රිත පුරාවිද්‍යා මැනුම් කටයුතු වල දෙවන අදියර ආරම්භ වීමට නියමිත පසුබිමකයි.

කෙසේ වෙතත් ඩෝසර් කිරීම පිළිබඳව කරුණු සැලවීමත් සමඟ දෙවනගල පුදබිමේ භාරකාර පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

එහෙත් පොලිසිය එම ස්ථානයට පැමිණෙන විටත් අදාළ පිරිස ඩෝසරය ද රැගෙන පලාගොස් තිබූ බවයි දෙවනගල පුදබිමේ භාරකාර හිමියන් ප්‍රකාශ කළේ.