පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ලබන සතියේ දිවයිනට

Sunday, 17 January 2021 - 13:10

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිළ සංචාරයක් සඳහා ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතයි.

විදේශ අමාත්‍යාංශය සදහන් කළේ දිවයින පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දින 5ක කාලයක් මෙරට රැදී සිටින බවයි.

2016 වසරේ එවකට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වූ නවාස් ෂරීෆ්ගෙන් පසු පාකිස්තාන නායකයෙකු ශ්‍රී ලංකා සංචාරයක් සඳහා  පැමිණෙන පළමු අවස්ථාව මෙය බව සදහන්.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ශ්‍

රී ලංකන් ගුවන් සේවයේ විශේෂ යානයකින් කටුනායක ගුවන් තොටුපල වෙත මෙම පිරිස පැමිණීමෙන් අනතුරුව පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර  නිරෝධායනය සඳහා යොමුකළ බවයි ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ.