ඉන්දුනීසියාවේ විශාලම ගිනිකන්ද සක්‍රිය වෙයි

Sunday, 17 January 2021 - 13:32

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දුනීසියාවේ සෙමේරු ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ගිනි කන්දෙන් නික්මෙන අළු, කිලෝමීටර් 5යි දශම 6ක් උසට ජාවා අහසේ විහිදී ඇති බවයි.

සක්‍රීය වූ ගිනිකන්ද හේතුවෙන් මරණ කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ.

සෙමේරු ගිනි කන්ද ඉන්දුනීසියාවේ උසම සහ වඩා සක්‍රීයම ගිනි කන්ද ලෙස සැලකෙනවා.

මේ අතර ඉන්දුනීසියාවේ සුලවේසි ප්‍රාන්තයට බලපෑ භූකම්පනයෙන් මියගිය ගණන 56 දක්වා ඉහල ගොස් තිබෙනවා.

820 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් 15,000ක් නිවාස අතහැර ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.