නව ශ්‍රී ලංකා පිහිනුම් වාර්තා දෙකක්

Sunday, 17 January 2021 - 13:40

%E0%B6%B1%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
අඩු කාලයක් තුළදී වැඩි දුරක් පිහිනා නව ගංඟා පිහිනුම් වාර්තාවක් තැබීමට රෂේන් ඩිල්ෂාන් සහ හිරුණි මහේෂිකා සමත්ව තිබෙනවා.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන රෂේන් ඩිල්ෂාන් පැය 11යි විනාඩි දෙකයි තත්පර 25 කදී කිලෝමීටර 40 ක් පිහිණීමට සමත්වූ අතර, මීට පෙර ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩකයෙකු පිහිනා ඇති වැඩිම දුර වන්නේ කිලෝමීටර 25ක්.

එමෙන්ම නව පිහිණුම් වාර්තාවක් තැබූ අම්බලන්ගොඩ දේවානන්ද මධ්‍ය මහා විද්‍යාලයේ හිරුණි මහේෂිකා අඩු කාලයකදී වැඩිම දුරක් පිහිනූ ක්‍රීඩිකාව බවට පත්වූයේ පැය 9 යි විනාඩි 58 යි තත්පර 4 ක කාලයක් වැය කර කිලෝමීටර 32 ක දුරක් පිහිනමින්.

අම්බලන්ගොඩ - මාදම්පා ගඟේ පැවති මෙම පිහිනුම් තරගාවලිය ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ පාලක හා තාක්ෂණ නිලධාරී කමිටුවේ සභාපති නිහාල්  බමුණුසිංහ ප්‍රමුඛ විනිසුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ ඊයේ පැවැත්වුණා.