කොරෝනා වෛරසයට බිය වී මාස තුනක් ගුවන්තොටුපොළේ සැඟවුණු ආදිත්‍ය

Monday, 18 January 2021 - 18:50

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA
කොරෝනා වෛරසයට බිය වී මාස තුනක් තිස්සේ ගුවන්තොටුපොළක සැඟවී සිටි ගුවන් මගියෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

අදාළ පුවත වාර්තාවන්නේ ඇමෙරිකාවේ චිකාගෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්.

අදාළ පුද්ගලයා එරට ගුවන්තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් කොරෝන අසාදනය වේ යැයි බියෙන් මෙලෙස ගුවන්තොටුපොළේ සැඟව සිටි බවයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ආදිත්‍ය සිං නමැති කැලිෆෝනියාවේ පදිංචි අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

ඔහු පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 19 වනදා එම ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගුවන්තොටුපොළේ සේවකයෙකු ලෙසින් ඔහු එම කාලසීමාව තුළපෙනී සිට ඇති බවද සඳහන්.

එම කාලයේදී ඔහු මෙහෙයුම් කළමනාකරුවෙකුගේ ලාංඡනයක් පෙන්වා එහි සිට ඇති බවයි වාර්තා වන්නේ.