වෙළඳපොලේ පොල් මිල ඉහළ ගොස් ඇති පසුබිමක ගෙඩියේ බර අනුව පොල් අලෙවි කිරීමට ඇතැම් වෙළඳුන් කටයුතු කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් අසීරුතාවට පත්ව ඇති බවට තොරතුරු වාර්තාවනවා.
අම්බලන්තොට, ඇඹිලිපිටිය යන ප්‍රදේශවල මෙලෙස බර අනුපාතය අනුව පොල් අලෙවි කරන බවටයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
ඒ අනුව කිලෝ ක්‍රමයට පොල් ගෙඩියක් අලෙවි කිරීමට ඔවුන් පියවර ගෙන ඇති අතර, පොල් කිලෝවක් රුපියල් 120 ත් 140 ත් අතර මිලකට අලෙවි කරන බවටයි වාර්තාවන්නේ.
සාමාන්‍ය පොල් ගෙඩියක බර කිලෝවකට වැඩි වන අතර, කටුව සමඟ පොල් ගෙඩියේ බරට මුදල් ගෙවීමට සිදුවී ඇති බවට පාරිභෝගිකයන් චෝදනා කළා.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය පොල් සංවර්ධන අධිකාරියෙන් කළ විමසීමකදී එහි සැකසුම් අධ්යක්ෂ පී. එදිරිමාන්න කියා සිටියේ වෙළදපොලේ පැවතිය යුතු ක්‍රමවේදය මෙය වන බවයි.
කිලෝ ක්‍රමයට පොල් මිලදී ගැනීම සුදුසු බවද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත් පොල් මිල ඉහළ ගිය අවස්ථාවේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව උපරිම සිල්ලර මිලක් නියම කිරීමටයි පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගනු ලැබුවේ.
එමෙන්ම ගෙඩි වර්ගීකරණය සඳහා පොල් වළල්ලක් ද හඳුන්වා දෙනු ලැබුවා.