ඇමරිකානු නව ජනපති දිවුරුම්දීමට හෝරා කිහිපයයි - ට්‍රම්ප් ෆ්ලොරීඩාවට පියාසර කිරීමට සූදානම් වෙයි

Tuesday, 19 January 2021 - 9:44

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු ජනාධිපති ධුරය, එහෙම නැත්තම් ලෝකයේ බලවත්ම පුටුවේ මීළඟට වාඩිවෙන්න සුදානමින් ඉන්නේ ජෝ බයිඩ්න්.

තව හෝරා කිහිපයකින් ඔහු ඇමරිකාවේ නව ජනපති විදිහට දිවුරුම් දීමට නියමිතයි.

පසුගිය දිනවල හිතුවක්කාර විදිහට හැසිරුණු ට්‍රම්ප්, මැතිවරණය නීති විරෝධි යැයි කියමින්, තමන්ගේ තත්ත්වය රැක ගන්න ලොකු සටනක් දුන්නා.

ඒ සටනේදී ජීවිත හානි ද සිදු වූ බව ඔබ දැනටමත් දන්නවා.

කෙසේ වෙතත් අවසානයේ මුළු ඇමරිකාවේ මෙන්ම ලෝකයේ බොහෝ බලවතුන්ගේ අප්‍රසාදයට ලක් වෙන්න ට්‍රම්ප්ට සිදු වෙනවා.

ඔහුගේ දියණිය පවා ඔහුට විරුද්ධව යමින් සිටින පුවතක් ඩේලිමේල් පසුගිය සතියේ වාර්තා කර තිබුණා.

මේ අතර, ප්‍රචණ්ඩත්වය කිසි විටෙකත් පිළිතුරක් නොවන බව සඳහන් කරමින්, ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් විසින් මිනිත්තු හයක වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

ඒ ඔවුන් ධවල මන්දිරයෙන් ඉවත්ව යාමට දින දෙකකට පෙරදියි.

මේ අතර ට්‍රම්ප් ෆ්ලොරීඩාවට පියාසර කිරීමට සැලසුම් කරමින් සිටින බවට ද විදෙස් මාධ්‍ය පුවතක් වාර්තා කරනවා.

ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලය පෙට්ටි ඇසුරුම් කරමින් ඒ සඳහා සුදානම් වන ඡායාරූප පෙළක් ද ඩේලිමේල් එක් කර තිබුණා.

ඊයේ උදෑසන දැවැන්ත ට්‍රක් රථ දෙකක් ඒ සඳහා ධවල මන්දිරයට පැමිණ ඇති බව සඳහන්.

ට්‍රම්ප් සමාරම්භක දිනයේ උදෑසනම පිටත්ව යාමට සැලසුම් කර ඇති අතර බයිඩ්න්ගේ උත්සවයට සහභාගී නොවන බවට ඔහු මින් පෙරද ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, ධුරයෙන් නික්ම යාමට පෙර ඔහු කුමකින් කුමක් කරාවිද යන්න ගැන, ලෝකයම අවධායෙන් පසු වනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories