කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණය හෙළිවේ

Tuesday, 19 January 2021 - 11:48

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
කොරෝනා වෛරසයේ නව රෝග ලක්ෂණ කිහිපයක් ලන්ඩනයේ කිංග්ස් කොලේජ්හි විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් හඳුනාගෙන තිබෙනවා.

එහි ප්‍රධානි වෛද්‍ය ටිම්ස් පෙක්ටර් ප්‍රකාශ කළේ එම රෝග ලක්ෂණ අතර දිව ආසාදනයට පත්වීම විශේෂ බවයි.

තුවාල, රත් පැහැති බිබිලි, රතු ලප හෝ මැලියම් දිව මතුපිට දක්නට ලැබීම මෙම ලක්ෂණ අතර වනවා.

එමෙන්ම හිසරදය සහ සමේ කුෂ්ඨ ඇති වීමද මෙහි නව ලක්ෂණ බවයි එම විශේෂඥයින් ප්‍රකාශ කළේ.

මේ අතර කොරෝනා වෛරසයට නිපදවා ඇති එන්නත් නිවැරදි ක්‍රමවේදයකට අනුව බෙදා හැරීම සිදු නොවුණහොත් සංවර්ධනය වෙමින් පවතින රටවල් දැඩි අර්බුදයකට මුහුණ දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

එහි ප්‍රධානි ටෙඩ්‍රෝස් ඇඩ්නම් ගෙබ්‍රියේසස් කියා සිටියේ සංවර්ධිත රටවල් 49කට එන්නත් මිලියන 39ක් බෙදී යනවිට සංවර්ධනය වෙමින් පවතින රටකට ලබාගත හැකි වන්නේ එන්නත් 25ක් පමණක් බවයි.

මේ ආකාරයෙන් පැවතියහොත් සංවර්ධනය වෙමින් පවතින රටක දස දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් මෙම එන්නත් ලබා ගැනීමට හැකි තත්ත්වයක් නිර්මාණය වන බවද ඔහු කියා සිටියා.