සානියා මීර්සාට කොරෝනා

Tuesday, 19 January 2021 - 20:23

%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
සුපිරි ටෙනිස් ක්‍රීඩිකාවක් වන සානියා මීර්සාට කොරෝනා ආසාදනය වී සුවය ලබා ඇති බව ඇය ප්‍රකාශ කර තිබෙනවා.

ඇය පාකිස්තාන හිටපු සුපිරි ක්‍රිකට් නායක, මෙවර LPL තරඟාලියට එක්වූ ෂොයිබ් මලික් ගේ බිරිඳ ද වනවා.

ඇයගේ නිල ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම වෙත ප්‍රකාශයක් එක්කරමින් සඳහන් කර ඇත්තේ මෙම වෛරසය සෙල්ලමක් නොවන බවයි.

වෛරසය ආසාදනය වූ කාලසීමාවේ තමන් මහත් පීඩනයකින් සිටි බවද ඇය එමගින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඇය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම කාලසීමාව තුළදී වයස අවුරුදු 2ක් වන ඇයගේ දරුවාගෙන් වෙන්ව සිටීම මහත් අසීරු වූ බවයි.

මේ අතර අදාළ ප්‍රකාශය තුළ වැඩිදුරටත් සඳහන් වන්නේ සානියා මීර්සා සෑම ආකාරයකින්ම ප්‍රවේසම් වුවද තමන්ට මෙම වෛරසය අසාදනය වූ බවයි.