ඉන්දීය එන්නත අද සිට අපනයනය කෙරේ

Wednesday, 20 January 2021 - 8:32

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නත ප්‍රතිපාදනයක් ලෙස භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවල් වෙත බෙදා හැරීම අද සිට ආරම්භ කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අදාළ එන්නත ලබාදීම සඳහා එම රටවල ඖෂධ නියාමන, නිශ්කාෂණ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවත් එම නිවේදනයේ සදහන්.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් විමසීමක් කළා.

ඔහු සදහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊට අදාළ වාර්තා සකස් කරමින් සිටින අතර ලබන සඳුදා අනුමැතිය සඳහා එය ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමු කරන බවයි. ඉන් අනතුරුව කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා ඉන්දීය රජය සමග එන්නත ලබා ගැනීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ඊයේ එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ එළඹෙන මාර්තු මාසය වන විට කොරෝනා වෛරසය සඳහා නිපද වූ එන්නතක් මෙරට ජනතාවට ලබාදීමට අපේක්ෂා කරන බවයි.