ඇමරිකානු තානාපතිනියගෙන් කොරෝනා මරණ භූමදානය ගැන නිවේදනයක්

Wednesday, 20 January 2021 - 8:35

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ ඇමරිකනු තානාපතිනී ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වසංගතය හේතුවෙන් තමන්ගේ ආදරණීයන් අහිමි වූ සියළුම පවුල් සමඟින් සිටින බවටයි.

ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ හා අනුකූලව ඔවුන්ගේ ඇදහිලි පිළිපැදීම සඳහා අවසර දීමෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් හා අභිමානය සඳහා ද ගරු කළ යුතු බවට එම නිවේදනයෙන් දැක්වෙනවා.

1955 වසරේදී ශ්‍රී ලංකාව ද අත්සන් තැබූ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයේ 18 වන වගන්තියේ, ඉගැන්වීම, ප්‍රගුණ කිරීම, වන්දනාව හා පිළිපැදීම තුළින් තමන්ගේ ආගම හෝ විශ්වාසය විද්‍යාමාන කිරීමට සියළු දෙනාටම අයිතිය ඇති බව ද සඳහන් කර ඇති බව එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන්.

මේ අතර, පාර්ලිමේන්තුවේ තවත් පුද්ගලයින් 60 දෙනෙකුට පමණ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට ඊයේ තහවුරු වුණා.

එසේම, කටුනායක - සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළින් කොරෝනා ආසාදිතයින් ඊයේ දිනය තුළ පමණක් 35 දෙනෙකු ද, මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළින් රෝගීන් 55 දෙනෙකු ද හමුවී තිබෙනවා.

දැනට ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් මේ දක්වා කාලය තුළ සමස්ත කොරෝනා ආසාදිතයින් 11,179 දෙනෙකු වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

මේ අතර, කොරෝනා ආසාදිතයින් වාර්තා වූ නාවුල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක් ද වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. එම කර්මාන්තශාලාවේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂා කිරීම්වලදී ආසාදිතයින් 17 දෙනෙකු හමුවීමත් සමඟයි මෙලෙස කර්මාන්තශාලාව වසා දමා ඇත්තේ.