ජෝ බයිඩ්න් දිවුරුම් දීම අද - ඇමරිකාවේ ආරක්ෂා දැඩි කෙරේ

Wednesday, 20 January 2021 - 9:13

%E0%B6%A2%E0%B7%9D+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් අද දිවුරුම් දීමට නියමිතයි. ඒ, දැඩි ආරක්ෂාව මධ්‍යයේ වොෂිංටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවයේදියි.

 එහිදී ඇමරිකාවේ මීළඟ උප ජනාධිපතිවරිය ලෙස ඉන්දීය සම්භවයක් සහිත කමලා හැරිස් දිවුරුම් දීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

දිවුරුම් දීමේ අවස්ථාවට දල වශයෙන් දහසක පමණ අමුත්තන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔවුන්ගෙන් බහුතරයක් කොංග්‍රස් සාමාජිකයන් සහ ඔවුන්ගේ අමුත්තන් වනවා.

එමෙන්ම, බයිඩන්ගේ දිවුරුම් දීම වෙනුවෙන් ඇමරිකාවේ ආරක්ෂාව ද දැඩි කර ඇති අතර  ජාතික ආරක්ෂක භටයින් 2500කට අධික පිරිසක් දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන කැපිටල් ගොඩනැගිල්ලේ ආරක්ෂාවට යොදවා තිබෙනවා.

සමාරම්භක උත්සවයේ ජාතික ගීය ගැයීම සඳහා සුප්‍රකට පොප් ගායිකා ලේඩිගගා, ජෙනීෆර් ලෝපේස්, ගාත් බ්රූක්ස් සහභාගි වීමට නියමිතයි. උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, බිල් ක්ලින්ටන් සහ බැරක් ඔබාමා මෙන්ම උප ජනාධිපති මයික් පෙන්ස් සහභාගි වීමට නියමිතයි.

සාම්ප්‍රදායානුකූලව ධුරයෙන් ඉවත්වන ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඒ සඳහා එක්වන නමුත් මෙවර ජනාපති ට්‍රම්ප් සහ ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් ඊට සහභාගි නොවන බව මේ වනවිටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ට්‍රම්ප් ඉතිහාසයට එක්වන්නේ 1896 වසරෙන් පසු පදවි ප්‍රාප්ති උත්සවයක් මගහරින පළමු ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත්වෙමින්.

මේ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයෙන් සමු ගැනීම සනිටුහන් කරමින් ඊයේ ජනතාව අමතනු ලැබුවා. එහිදී ඔහු බයිඩ්න්ගේ කණ්ඩායමට සාර්ථකව වැඩ කරගෙන යන ලෙසට සුබ පැතුම් එක් කළා.