අසන්ත ද මෙල් ක්‍රිකට් කළමනාකාර ධුරයෙන් ඉල්ලා අස්වේ

Wednesday, 20 January 2021 - 10:37

%E0%B6%85%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AF+%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අසන්ත ද මෙල් එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එංගලන්තය සමඟ ලබන 22 වන දා ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟයෙන්  පසු පෞද්ගලික හේතුවක් මත තමා එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇති.

එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරඟය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කාඩ් ක්‍රීඩාවේ නිරත වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දා දැඩි කතාබහක් ද ඇති වුණා.