දිවුරුම්දීමට පෙර ජෝ බයිඩ්න් මළවුන් සිහි කරයි

Wednesday, 20 January 2021 - 13:07

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%A2%E0%B7%9D+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%85%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න්ගේ දිවුරුම් දිම සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

2017 ජනපති පදවි ප්‍රාප්ති උත්සවයේ සැලසුමට හාත්පසින් වෙනස් ලෙස මෙවර දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ කොවිඩ් තත්ත්වය හේතුවෙන්.

මේ අතර පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීම සඳහා ගුවන් මඟින් වොෂිංටන් අගනුවරට පැමිණි බයිඩ්න්ගේ පළමු කාර්ය වූයේ කොරෝනා වෛරසයෙන් මියගිය ඇමරිකානුවන් ලක්ෂ 4ට අධික පිරිස වෙනුවෙන් ගෞරවය පුද කිරීමයි.

ඒ වෙනුවෙන් ලින්කන් චතුරඝ්‍රයේ විදුලි පහන් 400කින් ආලෝකවත් වූ උත්සවයක් ද පැවැත්වුණා.

ජෝ බයිඩ්න් සිය බිරිඳ සමඟ තමා පදිංචිව සිටි ඩෙලවෙයාර් ප්‍රාන්තයෙන් නික්ම වොෂිංටන් අගනුවර බලා පැමිණීමට පෙරාතුව එම ප්‍රාන්තයේ ජනතාව ද ආමන්ත්‍රණය කරනු ලැබුවා.

එහිදි ජෝ බයිඩ්න් අවස්ථා කිහිපයකදී සංවේදී වූයේ අවුරුදු 46ක් වයසැති මියගිය සිය පුතු සිහිපත් කළ අවස්ථාවේදී සහ තම ජන්ම ප්‍රාන්තයට සමුදීම සම්බන්ධයෙන්.

මේ අතර ඇමරිකාව තමන්ට බොහෝ දේ ලබාදුන් බවත් තමාට අවශ්‍ය වූයේ රට වෙනුවෙන් යම් සේවයක් කිරීමට බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළා. තමා අලුත් පරිපාලනය සඳහා බලය පැවරීමට සූදානම් වන බවත් තමා මේ අභිමානවත් ස්ථානයෙන් පිටව යන්නේ ප්‍රීතියෙන් බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.