අතුරුදන් වූ ජැක්මා යළි කරළියට

Wednesday, 20 January 2021 - 14:21

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%A2%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
අතුරුදන් වූ බවට ප්‍රකාශ නිකුත් වූ අලි බබා ව්‍යාපාරයේ හිමිකරු වන ජැක්මා යළි කරළියට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ගුරුවරුන්ගේ සම්මන්ත්‍රණයකදී ඔහු ඔන්ලයින් ක්‍රමයට ඊට සහභාගි වී ඇති බවටයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට ඔහු ප්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර ඒ පිළිබදව ලොව පුරා දැඩි කතාබහකට ලක්වුණා.

ඒ, මීට පෙර අවස්ථාවකදී ඔහු විසින් චීන රජයේ ඇතැම් ප්‍රතිපත්ති විවේචනය කිරීම හේතුවෙනුයි.

අදාළ සිද්ධිය නිසා ඔහුගේ ව්‍යාපාරවලට බලපෑම් සිදුවන ආකාරයට චීන රජය ඇතැම් තීරණ ගෙන තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා මීට පෙර සදහන් කර තිබුණා.

ඒ හේතුවෙන් ඔහුගේ ආදායම ද අදාළ කාලසීමාව තුළ පහත වැටී තිබූ බවටයි වාර්තා වූයේ.