කොච්චිකඩේ පල්ලියට බෝම්බ ප්‍රහාර එල්ල කළ අලව්දීන්ගේ පියා යළි රිමාන්ඩ්

Wednesday, 20 January 2021 - 14:30

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ්ගේ පියා ලබන මස 2 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් අද නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේයි.

මේ අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් නමැත්තාට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සිටියදී අත්අඩංගුවට ගත් දස දෙනා නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍ර ජයසූරිය ඊයේ නියෝග කළා.

ඒ, මෙම සිද්ධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියට නීති මඟින් කටයුතු නොකරන බවට නීතිපතිවරයා ලබාදී ඇති උපදෙස් ප්‍රකාරව මොවුන් නඩුවෙන් නිදහස් කරන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

මෙහි නවවන සහ දහවන සැකකරුවන් මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර ඔවුන් දෙදෙනා මුදාහරින ලෙසට අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබූ අතර, සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව ඔවුන් පාස්කු ප්‍රහාරය සිදු වූ දින සහ ඊට පසු දින පංචිකාවත්ත ප්‍රදේශයේ සැරිසරමින් සිට ඇති බවත් සැකකරුවන් සීම් කාඩ් දෙකට වැඩි ප්‍රමාණයක් භාවිතා කර ඇති බවයි වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ.

ඒ අනුව මෙම සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවීමට අවශ්‍ය බවද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

කෙසේ වෙතත් අනතුරුව මෙම සිද්ධිය ත්‍රස්ත විමර්ශණ කොට්ඨාසය වෙත මාරු කෙරුණු අතර සිද්ධියට අදාල විමර්ශණ කටයුතු අවසන් කර ඇතැයි එම කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ වෙත දැනුම් දී තිබුණේ 2019 වසරේ නොවැම්බර් මස 04 වනදායි.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඉලක්කයක් වූ කටුවපිටිය දේවස්ථානයේ 152 වාර්ෂික මංගල්‍යයේ දිව්‍ය පූජාවට අද එක්වෙමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ එම ත්‍රස්ත ප්‍රහාරය කිසි දිනක අමතක කළ නොහැකි බවයි.