ඉන්දියාවේ කොරෝනා එන්නත ලොව පුරා බෙදා හැරේ

Wednesday, 20 January 2021 - 19:36

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A
කොරෝනා වෛරසය පාලනය සඳහා  ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් මර්දන එන්නත් අද සිට ලොව පුරා තවත් රටවල්වලට බෙදා හැරීම ආරම්භ වුණා.

ලොව විශාලතම එන්නත්කරණ වැඩසටහන පසුගිය දා ආරම්භ කළ ඉන්දියාව මෙම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ වැක්සින් මෛත්‍රී ලෙසයි.

පළමු අදියර යටතේ රටවල් 6ක් ඒ සඳහා තෝරාගෙන තිබෙනවා.

එම රටවල් වන්නේ මාලදිවයින, භූතානය, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ සී ෂෙල්ස් රාජ්‍යයයි.

නේපාලයට හෙට දිනයේ එන්නත් මාත්‍රා ලක්ෂයක් යැවෙන අතර බංග්ලාදේශයට ද හෙට එන්නත් යැවීමට අපේක්ෂිතයි.

මියන්මාරයට සහ  සී ෂෙල්ස් රාජ්‍යයට ලබන අනිද්දා වන විට එන්නත් බෙදා හරිනු ඇති.

ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා එක්ලක්ෂ 50,000ක් අද පෙරවරුවේ භූතානයටත්, පස්වරුවේ මාලදිවයිනට එන්නත් මාත්‍රා ලක්ෂයකුත් බෙදා හැරුණා.

ඉන්දීය විදේශ  කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අදාළ එන්නත් ලබාදීම සඳහා එම රටවල ඖෂධ නියාමන ආයතනවලින් අවශ්‍ය අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊට අදාළ වාර්තා සකස් කරමින් සිටින බවයි.

ලබන සඳුදා කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත අදාළ අනුමැතිය ලබා ගැනීම සඳහා වන ඉල්ලීම ඉදිරිපත් කළ පසු ඊට අවශ්‍ය කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories