ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් 4කට කොරෝනා

Wednesday, 20 January 2021 - 20:14

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+4%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට, නීතිඥ සහයෙකුට, ගෘහ පාලන අංශයේ සේවිකාවකට සහ පටිගත කිරීම් අංශයේ කාන්තාවකට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ 100 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇති බවයි.

මේ අතර අද දිනයේත් ආසාදිතයන් 379 දෙනෙකු අලුතෙන් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 54,798ක් ලෙසයි.

කොරෝනා ආසාදනය වූ තවත් 621ක් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 47,215ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories