ජෝ බයිඩ්න් දිවුරුම්දීම තවත් හෝරා කිහිපයකින් - වංචා සහ දූෂණවලට සම්බන්ධ වූ 73කට අවසන් මොහොතේ ට්‍රම්ප්ගෙන් සමාව

Wednesday, 20 January 2021 - 20:22

%E0%B6%A2%E0%B7%9D+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%96+73%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%9A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80
ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම්දීමේ උත්සවය ශ්‍රී ලංකා  වේලාවෙන් අද රාත්‍රි 10.30ට පමණ ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඊට සමගාමීව කමලා හැරිස්ද උප ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ඇති.

මේ වනවිටත් ඊට අදාළ කටයුතු සඳහා ලහි ලහියේ සූදානම්  වෙමින් පවතින අතර, දිවුරුම්දීම සිදු කෙරෙන වොෂින්ටන් හි කැපිටල් ගොඩනැගිල්ලේ ආරක්ෂාව සඳහා 25,000 ක ආරක්ෂක බල ඇණියක් යොදවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

2017 වසරේ ජනපති පදවි ප්‍රාප්ති උත්සවයේ සැලසුමට හාත්පසින් වෙනස් ලෙස මෙවර දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ කොවිඩ් තත්ත්වය හේතුවෙන්.

දිවුරුම් දීමේ අවස්ථාවට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාව සීමා කර ඇති අතර, එලෙස පැමිණීමට නොහැකිවන පිරිස් සංකේතවත් කිරීම සඳහා ඇමරිකානු ධජ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් ප්‍රදර්ශනය කර තිබෙනවා.

ජෝ බයිඩ්න් ඩිමොක්‍රටික් පක්ෂ නායකයන් සමඟ එරට වේලාවෙන් අද පෙරවරු 8.45 ට පමණ ශාන්ත මැතිව්ස් දේවස්ථානය වෙත පැමිණ දේව මෙහෙයකට එක්වීමට නියමිතයි.

ජනාධිපති ධුරයේ දිවුරුම්දීමෙන් පසු ජෝ බයිඩ්න්, ඇමරිකාවේ සියලුම හමුදාවන්වල සහභාගිත්වයෙන් ධවල මන්දිරය වෙත කැඳවාගෙන යාමට සැළසුම් කර  තිබෙනවා.

මේ අතර අද පැවැත්වෙන දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගි  නොවන බව දැනුම්දී ඇති අතර, ඔහු මෙලෙස ජනාධිපතිවරයෙකු දිවුරුම් දෙන අවස්ථාවට සහභාගි නොවන හතරවන ජනාධීපතිවරයා ලෙසයි   ඇමරිකානු ඉතිහාසයට එක්වන්නේ.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජනාධිපති ධූරයේ අවසන් පැය කිහිපය තුළ වංචා සහ දූෂණ චෝදනාවලට ලක්ව සිටින 73 දෙනෙකුට සමාව ලබාදී තිබෙනවා.

මොවුන් අතර ට්‍රම්ප්ගේ හිටපු උපදේශකයෙකු වන ස්ටීව් බැනන් ද වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම තවත් 70 දෙනෙකුගේ දඩුවම් කාලය අඩු කර තිබෙනවා.

මේ අතර ට්‍රම්ප් සිය ධුරයෙන් නික්ම යාමට පෙර ඔහුගේ බාල දියණිය ධවල මන්දිරයේදී විවාහ ගිවිස ගනු ලැබුවා.

එලෙස විවාහ ගිවිස ගනු ලැබුවේ ජනපති ට්‍රම්ප්ගේ දෙවන විවාහයේ එකම දරුවා වන ටිෆනි ට්‍රම්ප්.

27 හැවිරිදි ටිෆනි නයිජීරියානු සමාගම් සමූහයක හිමිරුවෙකු වන 23 හැවිරිදිි බූලොස් නමැති ව්‍යාපාරිකයෙකු සමගයි.