ගුවන් තොටුපල විවෘත කිරීමෙන් පසුව පළමු වානිජ ගුවන් යානය කටුනායකට පැමිණෙයි (වීඩියෝ)

Thursday, 21 January 2021 - 8:19

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%A2+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මාස 10කට ආසන්න කාලයක් වසා දමා තිබූ මෙරට ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසු පළමු වාණිජ ගුවන් යානය අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.වයි. 371 දරණ යානය උදෑසන 7.40 ට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි බවයි එහි කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ.

ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි අතර ඉන් කිහිප දෙනෙකු මෙලෙස අදහස්  දක්වා සිටියා.

පසුව මෙම පිරිස නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

එමෙන්ම විදේශිකයින් රැගත් පළමු ගුවන් යානය හෙට දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා.

ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ කටාර් ගුවන් සේවයට අයත් කිව් ආර්. 668 දරණ යානයෙන් මෙලෙස විදේශිකයින් පිරිසක් අලුයම 2.15 ට දිවයිනට ළඟාවීමට නියමිත බවයි.