ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුටත් කොරෝනා

Thursday, 21 January 2021 - 12:58

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වුණා.

මීට අමතරව තවත් කොරෝනා ආසාදිත ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ආශ්‍රිතයෙකුව සිට වෛරසය වැදුණු බවට හඳුනාගත් හලාවත මහ රෝහලේ වෛද්‍යවරිය රැගෙන ගිය කුලි රථ රියදුරා මේ වනවිට තම කුලී රථය තුළම ස්වයං නිරෝධායනයට ලක්වන බව වාර්තාවනවා.

ඒ, ඔහුගේ නිවසේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සිටීම හේතුවෙන්.

අදාළ වෛද්‍යවරිය කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම පිළිබඳ තොරතුරු සඟවමින් එම කුලී රථයේ ගමන් කර තිබුණා.  

නිරෝධායන නීතීන්ට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරියට එරෙහිව මේ වනවිට පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසත් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

එම සංඛ්‍යාව 270 ක්. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 80ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56ක් ද වාර්තා වන බවයි කොවිඩ් නයින්ටීන් වැලැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ වන විට කොග්ගල වෙළඳ කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව ද 101 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී ද නව ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වී ඇති බවයි හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

ඇඟලුම් කම්හල් 6කින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇති අතර, මේ වන විට කම්හල් සේවක සේවිකාවන් 1500ක් පමණ නිවෙස් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර, අහංගම නගරයේ පිහිටි පාසලක සහ වැල්ලතොට ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි හබරාදූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කළේ.

කෙසේ වෙතත්, එම පාසල්වල කටයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ සිදුකරන බව ද වාර්තා වනවා.

එමෙන්ම, හැටන් ප්‍රදේශයේ දෙමළ පාසලක ස්වයං නිරෝධායනයට යොමු කර සිටි ගුරුවරියකට සහ සිසුන් දෙදෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුණා.

පාසලේ සිසු සිසුවියන් 38 දෙනෙකුට සහ ගුරුවරුන් සිව් දෙනෙකු මීට පෙර ස්වයං නිරෝධායනයට යොමු කර සිටි අතර ඔවුන්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලිනුයි මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ.

එමෙන්ම, හැටන් - ගාමිණීපුර ප්‍රදේශයේ එකම පවුලේ 6 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

නාවලපිටිය - පස්බාගේ කෝරළේ සහ නවතිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් සතියක් තුළ කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු වාර්තා වී ඇති බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

මීට අමතරව කොරෝනා ප්‍රතිකාර සඳහා වෙන් කර තිබෙන හෝමාගම මූලික රෝහලේ හෙදියකට ද කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ඇයගේ සමීපතම ආශ්‍රිත හෙදියන් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.  

මේ අතර, සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායන නීති අනුගමනය නොකරන ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

එමෙන්ම, නිරෝධායන නීති අනුගමනය නොකරමින් මගී ප්‍රවාහනය සිදුකරන බස් රථ රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ.