වැල්ලවත්ත පොදු වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 12ක්

Thursday, 21 January 2021 - 15:31

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+12%E0%B6%9A%E0%B7%8A
වැල්ලවත්ත - පොදු වෙළඳ සංකීර්ණයේ සේවය කරන සේවකයින් 12 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

පසුගිය 19 වනදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් අනතුරුවයි මෙලෙස 12 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ.

මීට අමතරව ඔවුන්ගේ ආශ්‍රිතයින් 21 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කිරීමට ද සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, පොදු වෙළඳ සංකීර්ණයට පිවිසීමට ද සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.