බෑග්ඩෑඩ් නුවරට බෝම්බ ප්‍රහාරයක් - 28ක් මරුට

Thursday, 21 January 2021 - 20:29

%E0%B6%B6%E0%B7%91%E0%B6%9C%E0%B7%8A%E0%B6%A9%E0%B7%91%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+28%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉරාකයේ මධ්‍යම බැග්ඩෑඩ් හි ජනාකීර්ණ වෙළඳපොළක අද උදෑසන සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 73ක්. එම බෝම්බකරුවන් දෙදෙනා පුපුරවා ගැනීමට පෙර ආරක්ෂක නිලධාරීන් හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනා පිටුපස හඹා යන විටදී පුපුරුවා ගැනීම සිදු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වසර දෙකක පමණ කාලයකදී බැග්ඩෑග් නගරයේ සිදුකළ පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය මෙය වනවා.