සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග පැවසූ බව බීබීසී සිංහල සේවය පවසනවා.
අමාත්‍යවරියට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය මගින් අනාවරණය වුවද, පසුගිය සිකුරාදා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ නිරෝධායනය වීමට ඇය තීරණය කර ඇති බවයි බීබීසී සිංහල සේවය සඳහන් කර ඇත්තේ.
එහෙත් අමාත්‍යවරියගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් කිසිවක් නිවේදනය කර නැහැ.