තිසරට දැඩි අවවාද - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක්

Saturday, 23 January 2021 - 12:08

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ වාද විවාදවලට පැටලීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවවාද කර තිබෙනවා.
 
එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ, මෙය පළමු හා අවසන් අවවාදය ලෙස නිකුත් කර ඇති බවයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය සමඟ පසුගිය සතියේදී තිසර පෙරේරා ඇති කරගත්, යම් විවාදයක හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇති බව සඳහන්.
 
අදාළ සිදුවීමට මැදිහත් වන ලෙස පාර්ශව කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
 
කෙසේ වෙතත් මෙම සිද්ධියේ ප්‍රධාන පාර්ශවකරුවා වන ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සමුදී අමෙරිකාවේ පදිංචිය සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
 
තිසර පෙරේරාගේ බිරිඳ සහ ශෙහාන් ජයසූරිය අතර ඇති වූවා යැයි විවාදාසන්න කතාවක් හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් නිර්මාණය වුණා.