පොළොව අභ්‍යන්තරයේ සිරවූ පතල් කම්කරුවන් බේරා ගැනීමට තවත් සති දෙකක් ?

Saturday, 23 January 2021 - 16:59

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B7%80+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%3F
පොළොව අභ්‍යන්තරයේ සිරවී සිටින කම්කරුවන් බේරා ගැනීම සඳහා තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි චීනයේ සහන කණ්ඩායම් පවසනවා.

පසුගිය 10 වනදා ෂැන්ඩොන්ග් පළාතේ පිහිටි හූෂාන් රන් පතලේ පිවිසුම ආසන්න කොටසක පිපිරීමක් සමගයි එහි සේවය කරමින් සිටි කම්කරුවන් සිරවී ඇත්තේ.

එම පිපිරීමෙන් සතියකට පමණ පසු සහන කණ්ඩායම් කම්කරුවන් 11 දෙනෙකු සමග සන්නිවේදනය කිරීමට සමත්වූ අතර එහිදී හෙළිවී ඇත්තේ එක් කම්කරුවෙකු මරණයට පත්වී ඇති බවයි.

අනතුරුව කම්කරුවන් වෙත ආහාර සහ ඖෂධ ලබාදීමට සහන කණ්ඩායම් විසින් පතල තුලට කුහරයක් ද නිර්මාණය කරනු ලැබුවා.

මෙම පතලේ පිවිසුම ආසන්නයේ සිදුවූ පිපිරීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර එමගින් පතලේ පිවිසුම සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

ඒ වන විට කම්කරුවන් සේවය කරමින් සිට ඇත්තේ මීටර් 629ක් පමණ ගැඹුරු ප්‍රදේශයකයි.

තවත් සේවකයන් 11 දෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණ වී නැහැ.

තමන් සිටින ස්ථානයට මීටර් 100ක් පමණ ගැඹුරින් සිටින තවත් අයෙකු සමග සම්බන්ධතා පවත්වා ගැනීමට මීට දින කිහිපයකට පෙර හැකියාව පැවතිය ද මේවන විට එම සන්නිවේදන සබඳතා ද බිඳවැටී ඇති බව සහන කණ්ඩායම් සමග මේවනවිට සම්බන්ධතා ගොඩනගාගෙන ඇති සේවකයන් ප්‍රකාශකර තිබෙනවා.

කම්කරුවන් බේරා ගැනීම වෙනුවෙන් කැණීම් සිදුකිරීමේදී පාෂාණ තට්ටුවක් ද හමුවන අතර කම්කරුවන් පතල තුල ජල ගැලීම්වලට ගොදුරුවීමට ඉඩකඩ පවතින බවටයි සහන කණ්ඩායම් පෙන්වා දෙන්නේ.

මෙම ගැටලු හේතුවෙන් ද බේරා ගැනීමේ කණ්ඩායම් අර්බුධයකට ලක්ව සිටිනවා.

එබැවින් කම්කරුවන් සිරවී සිටින ස්ථානය වෙත යාම වෙනුවෙන් තවත් දින 15ක් පමණ ගතවනු ඇතැයි ඔවුන් සඳහන් කර තිබෙනවා.

පතලලේ පිවිසුම් කුහරයේ සිරවී ඇති සුන්බුන් ටොන් 70කට වඩා බරින් යුක්ත බව ද සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories