සියලු රාජ්‍ය ආයතන සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතුයි - අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛයක්

Sunday, 24 January 2021 - 8:08

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%A0%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සියලු රාජ්‍ය ආයතනවල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආසන්නතම දිනයකදී එම චක්‍රලේඛය නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

බොහෝ රාජ්‍ය ආයතනවල නිවැරදිව සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක නොකරන බවට පැමිණිලි ඉදිරිපත්ව තිබෙනවා.

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ රටේ ආර්ථික කටයුතු පවත්වාගෙන යෑම සඳහා ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම මේ වනවිට ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිර්දේශ කර ඇත්තේ එසේ කැඳවීම් සිදුකළ යුත්තේ සෞඛ්‍ය නිර්දේශ මත පදනම්ව බවයි.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, අධිකාරි, සංස්ථා, කාර්යාංශ ආදී සියලු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන නිරීක්ෂණය කර වහාම සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු නිවැරදි කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ.

එමෙන්ම ඇතැම් රාජ්‍ය ආයතනවල නිල ඇඳුමෙන් සේවකයන් කැඳවීම සිදුවන අතර, සේවයට වාර්තා කරන්නේ මුළු සේවක ධාරිතාවයෙන් සියයට 80 කට ආසන්න පිරිසක්.

මෙම තත්ත්වය තවදුරටත් කළමනාකරණය කළ හැකිද යන්න පිළිබඳවද රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories