ආසියානු මත්ද්‍රව්‍ය කල්ලි නායකයා නෙදර්ලන්තයේදී අල්ලයි

Sunday, 24 January 2021 - 8:37

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B1%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ආසියාකරයේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය කල්ලි නායකයා ලෙස සැලකෙන සූ-චි ලොප් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආසියාකරය පුරා ඩොලර් බිලියන 70ක පමණ මත්ද්‍රව්‍ය වෙළඳාමක නිරත වන ඔහු චීනයේ උපත ලද කැනේඩියානු ජාතිකයෙකු වන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ඕස්ට්‍රේලියාවෙන් වරෙන්තු ලැබූවෙක්.

අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍යමව සිටි මත්ද්‍රව්‍ය කල්ලි නායකයෙකු වන ඔහු ඇම්ස්ටර්ඩෑම් හි ස්කිෆොල් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඕස්ට්‍රේලියාව වෙත පිටුවහල් කිරීමට නියමිතයි.

56 හැවිරිදි සූ-චි ලොප්, ලතින් අමෙරිකානු මත්ද්‍රව්‍ය කල්ලි නායකයින් වූ එල්චාපෝ සහ පැබ්ලෝ එස්කොබාට සමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසයි හැඳින්වෙන්නේ.

ජපානයේ යකූසා සහ ඕස්ටේ්‍රලියානු පාතාල කණ්ඩායම් සමඟද කටයුතු කරන ඔහු ක්‍රිස්ටල් මෙතෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය රටවල් පුරා බෙදාහැරීමෙන් දැවැන්ත ධනස්කන්දයක් උපයා ඇති බව විශ්වාස කෙරෙනවා.

පෞද්ගලික ජෙට් යානාද හිමි ඔහු කැසිනෝ සූදු ක්‍රීඩාව සඳහා ඇතැම් විට මිලියන ගණන් වැය කරන අතර, ඔහුගේ ආරක්ෂකයින් කණ්ඩායමට තායි කික් බොක්සිං ක්‍රීඩකයින් 08 දෙනෙකුද ඇතුළත්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories