මහනුවර පාසල් සිසුන් අතර වෛරසය ව්‍යාප්ත වීම පාලනය කෙරේ (වීඩියෝ)

Sunday, 24 January 2021 - 13:16

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙරටින් ඊයේ හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 724 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 197 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඒ අතර කොළඹ කොටුවෙන් ආසාදිතයින් 28 දෙනෙකු, අලුත්කඩෙන් 14 දෙනෙකු, බොරැල්ලෙන් 12 දෙනෙකු සහ පිටකොටුවෙන් හඳුනාගත් ආසාදිතයින් 10 දෙනෙකු වන බවයි.

එසේම ඊයේ දිනයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110 දෙනෙකු හඳුනාගත් අතර, මහනුවරින් හඳුනාගත් ආසාදිතයින් 45 දෙනෙකු සහ හාරිස්පත්තුවෙන් හඳුනාගත් ආසාදිතයින් 34 දෙනෙකු ඒ අතර වනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් ආශ්‍රිතව කොරෝනා අවදානමක් මේ වනවිට නොපවතින බවයි.

ආසාදිතයින් 106 දෙනෙකු ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනුණා.

වත්තලින් ආසාදිතයින් 16 ක්, ගම්පහින් ආසාදිතයින් 10 ක් සහ මිනුවන්ගොඩින් හඳුනාගත් ආසාදිතයින් 10 දෙනෙකු ඒ අතර වනවා.

එසේම, දැඩි සංචරණ සීමා පනවා ඇති පූගොඩ - කුමාරිමුල්ල ප්‍රදේශය ආශ්‍රිතව ආසාදිතයින් 24 දෙනෙකු අද දිනයේදී හඳුනාගත් බව දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඒ. බණ්ඩාරණායක කියා සිටියා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 04 වැනිදායින් ආරම්භ වූ කොරෝනා දෙවන රැල්ලට අදාළව මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,373ක්.

එම කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11,986ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,370ක් හඳුනාගෙන තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයෙන් කොරෝනා දෙවන රැල්ලට අදාළව වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2,961ක්.

එසේම, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින්ද ආසාදිතයින් 1,367 දෙනා බැගින් කොරෝනා දෙවන රැල්ලට අදාළව වාර්තා වනවා.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වූ හබරාදූව ප්‍රදේශයේ ඇඟළුම් සේවිකාවකගේ නිවසේ පැවති දානමය පිංකමට වැඩම කළ භික්ෂූණ් වහන්සේලා අට නමක් සහ එම සේවිකාවගේ පළමු පෙල ආශ්‍රිතයින් 20 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

මේ අතර, වැලිකන්ද - කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඊයේ රාත්‍රියේ පිටතින් විසි කරන ලද මත්ද්‍රව්‍ය පිරවූ ටෙනිස් බෝල දෙකක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ භාවිතය සඳහා මෙලෙස මත්ද්‍රව්‍ය පිර වූ ටෙනිස් බෝල විසිකර ඇතැයි සැක කරන බවයි.