උත්සව තුනක් අරන් මදුසමයට ගිය මනාල යුවළට කොරෝනා - පවුල් 100කට වැඩි සංඛ්‍යාවක් නිරෝධායනයේ

Sunday, 24 January 2021 - 16:39

%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+100%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
හෝමාගම ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සව දෙකක මනාල යුවල දෙකකට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

හෝමාගම මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්ත විජේසූරිය පැවසුවේ එක් විවාහ මංගල්‍යක් සඳහා උත්සව තුනක් ඔවුන් පවත්වා ඇති බවයි.

එම උත්සව අවස්ථා තුන කඩුවෙල, පාදුක්ක සහ වටරැක ප්‍රදේශවල පවත්වා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එහිදී  කඩුවෙල සහ පාදුක්ක ප්‍රදේශවල පැවති උත්සවවලට ඔවුන් අවසර ලබාගෙන ඇති අතර වටරැක ප්‍රදේශයේ පැවති උත්සවයට ඔවුන් අවසර ලබාගෙන නොතිබූ බවට වාර්තා වනවා.

අනතුරුව එම යුවල මදුසමය ගතකිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයකට ගොස් ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා රෝගීවීම හේතුවෙන් PCR පරීක්ෂණයකට භාජනයකර තිබෙනවා.

එහිදී ඔවුන් දෙදෙනාට කොවිඩ් බවට තහවුරු වී ඇති අතර ඒ අනුව ඔවුන්ගේ උත්සව තුනට සහභාගී වූ පවුල් 100 කට වැඩි ප්‍රමාණයක පිරිසක් නිරෝධායනය සඳහා යොමු කරමින් සිටින බවයි හෝමාගම මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්ත විජේසූරිය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර කොවිඩ් ආසාදිත අනෙක් මනාල යුවල හෝමාගම ප්‍රදේශයේ උත්සව ශාලාවක සිය මංගල උත්සවය පවත්වා ඇති අතර එහිදී උත්සවයට සහභාගී වූ මනමාල පාර්ශ්වයේ 25 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණවලදී 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

උත්සව සඳහා අවසර ලබා දී ඇති මොහොතක නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් එම උත්සව අවස්ථා සිදුකරන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්ත විජේසූරිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories