සුවපත් වන කොරෝනා ආසාදිතයින්ගේ සිරුරේ වෛරසයට එරෙහි ප්‍රතිදේහ මාස 06ක්

Sunday, 24 January 2021 - 19:10

%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%84+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+06%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබන පුද්ගලයින් තුල වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය අවම වශයෙන් මාස 06ක පමණ කාලයක් පවතින බව පර්යේෂණාත්මක අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ රොකෆෙලර් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් සිදුකර ඇති මෙම අධ්‍යයනයට අනුව, එම ප්‍රතිදේහ පරිණාමය වීමේ හැකියාවකින් යුක්තයි.

ඒ අනුව, කොරෝනා වෛරසයේ බි්‍රතාන්‍ය හෝ දකුණු අප්‍රිකානු ප්‍රභේද ආසාදනය වීම වැළැක්වීමට ද ඊට හැකියාවක් පවතින බව අනාවරණ වී තිබෙනවා.

මේ අතර, කොරෝනා වෛරස් එන්නත් ලබා ගත් පුද්ගලයන්ගෙන් ද තවදුරටත් වෛරසය අන් අයට සම්ප්‍රේෂණය විය හැකි බව එංගලන්තයේ නියෝජ්‍ය වෛද්‍ය ප්‍රධානී මහාචාර්ය ජොනතන් වෑන් ටෑම් පවසනවා.

මේ නිසා ඔවුන් තවදුරටත් නිරෝධායන නීති පිලිපැදිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොරෝනා එන්නත මගින් වෛරසය සම්ප්‍රේෂණය වීම කෙරෙහි ඇති කරන බලපෑම මෙතෙක් මුළුමනින්ම අනාවරණ කරගෙන නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොරෝනා එන්නත මගින් බලාපොරොත්තුවක් ජනිත කළ ද ආසාදනය වීමේ ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව මහාචාර්ය ජොනතන් වෑන් කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories