බස්නාහිර පාසල් 900ක් පෙරබරවාරි දෙවන සතියේ විවෘත කිරීමට අපේක්ෂා (වීඩියෝ)

Sunday, 24 January 2021 - 19:20

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+900%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B6%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සාමාන්‍ය පෙළ විභාගයට මාර්තු මාසයේදී පෙනී සිටින සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසල් හෙට (25) සිට යළි විවෘත කෙරෙනවා.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් කියා සිටියේ ඔවුන්ගේ මඟ හැරී ගිය ඉගෙනුම් කටයුතු කඩිනමින් ඉටු කරදීම සඳහා මෙම තීරණයට එළඹි බවයි.

බස්නාහිර පළාතේ පාසල් සියලු ශ්‍රේණි සඳහා ආරම්භ කිරීම, ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල නිර්දේශය මත සිදුකිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව, පළාතේ පාසල් 900 කට වැඩි සංඛ්‍යාවක් පෙබරවාරි 15 වනවිට විවෘත කළ හැකිවේ යැයි තමන් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර, බස්නාහිර පළාතේ පාසල්වල අධ්‍යාපනය ලබන එහෙත් එම පළාතෙන් පිටත පදිංචිව සිටින සාමාන්‍ය පෙළ සිසුන්ට මෙන්ම, ගුරුවරුන්ට තමන් පදිංචි ප්‍රදේශයට ආසන්නතම පාසලේ අධ්‍යයන කටයුතු සිදුකිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, හෙට දිනයේ සාමාන්‍ය පෙළ සිසුන්ට බස්නාහිර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් සහ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධික අත්තනායක මෙලෙස අදහස් පළ කළා.

මේ අතර, සිසුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් සිසු සැරිය බස් රථ යෙදවීමට කටයුතු කර ඇති අතර, අවශ්‍ය වුවහොත් අතිරේක බස් රථ යෙදවීමට ද කටයුතු සූදානම් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ බස්නාහිර පළාතේ ද, පාසල් සිසුන් ප්‍රවාහනය කරන රථ සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපැදිය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories