බස්නාහිර පාසල් සාපෙළ සිසුන් සඳහා පමණක් අද සිට විවෘත වෙයි (වීඩියෝ)

Monday, 25 January 2021 - 6:19

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
බස්නාහිර පළාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් අද (25) සිට විවෘත කෙරෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11ක් තුල පාසල් 1576ක් අතරින් සාමාන්‍ය පෙළ පන්ති පැවැත්වෙන පාසල් 903ක් අද දිනයේ විවෘත වනවා.

බස්නාහිර පාසල් මෙලෙස විවෘත වන්නේ මාස 05 යි දින 24 කට පසුව වීම විශේෂත්වයක්.

සිසුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් සිසු සැරිය බස් රථ යෙදවීමට කටයුතු කර ඇති අතර, අවශ්‍ය වුවහොත් අතිරේක බස් රථ යෙදවීමටද කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ.

මේ අතර, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ බස්නාහිර පළාතේ අවදානමක් නොමැති ප්‍රදේශවල බොහෝ පාසල් පෙබරවාරි 15 වැනිදා වන විට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම, කොරෝනා වසංගතයේ දෙවන රැල්ලත් සමඟ තාවකාලිකව සීමා කෙරුණු දුම්රිය ගමන් අද (25) සිට යළි සුපුරුදු පරිදි ආරම්භ කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියේ.

ඒ අනුව දුම්රිය ගමන් වාර 390 ක් පමණ අද (25) සිට ධාවනයේ යෙදෙනු ඇති.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories