ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව අද (25) උදෑසන 6 සිට ඉවත් කෙරුණා.
කල්මුනේ උතුර සහ දකුණ ප්‍රදේශවල ග්‍රාමසේවා වසම් කිහිපයකට පනවා තිබූ හුදෙකලා බව මෙලෙස ඉවත් කළ බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.
මේ අතර අද (25) උදෑසන හයේ සිට ප්‍රදේශ දෙකක් හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 140, බෝලාන දකුණ ග්‍රාමනිලධාරී වසමේ මැල්කොණිය ගම්මානය සහ පූජාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පල්ලියකොටුව සහ ගල්හින්න ග්‍රාමසේවා වසමයි.
සම්පූර්ණ විස්තර පහතින්.

මේ අතර ඊයේ (24) පස්වරු 6 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කළ අතර, තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලාබවට පත් කරනු ලැබුවා.
ඒ අනුව, වැල්ලවත්ත පොලිස් වසමේ නසීර් වත්ත, නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර, වාරණ පන්සල පාර, කත්තොට පාර, හිද්‍රා මාවතට ඇතුළු වන ප්‍රදේශ මෙන්ම මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව නැගෙනහිර හා ගල්ඔලුව බටහිර හුදකලාභාවයෙන් ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.
එමෙන්ම, මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ජුම්මා මස්ජිඩ් මාවත, හිද්‍රා මාවත, අලුත්පාර සහ අකරගොඩ ඊයේ (24) පස්වරු 6 සිට හුදකලාභාවයට පත් කර තිබෙනවා.