නව කොරෝනා වෛරස් ප්‍රභේදය රට තුළට ඇතුළුවීමේ අවදානම වැළැක්වීම සඳහා රටවල් රැසක ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීමට අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා.
ඒ අනුව වැඩි ආසාදන හැකියාවක් සහිත නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ව්‍යාප්තව ඇති දකුණු අප්‍රිකාවේ සිට අමෙරිකානුවන් නොවන පුද්ගලයින්ට එරටට පැමිණීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.
මීට අමතරව බ්‍රසීලය, එක්සත් රාජධානිය, අයර්ලන්තය සහ යුරෝපීය රටවල් 26 කට සංචාර තහනමක් පැනවීමටද ජනපති බයිඩ්න් පියවර ගෙන තිබෙනවා.
බ්‍රසීලය සහ එක්සත් රාජධානියට පනවා තිබූ සංචාර තහනම හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයෙන් නික්ම යෑමට පෙර පසුගිය 18 වැනිදා ඉවත් කරනු ලැබුවා.
එහෙත් එය ක්‍රියාත්මකවීමට පෙර නව ජනපති බයිඩ්න්ගේ තහනම බලපැවැත්වෙනු ඇති.