පෘතුගාල ජනපතිවරණයෙන් මාසෙලෝ සූසාට ජය

Monday, 25 January 2021 - 9:34

%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%9D+%E0%B7%83%E0%B7%96%E0%B7%83%E0%B7%8F%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
යුරෝපයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය උත්සන්නවද්දී පෘතුගාලයේ ඊයේ පැවති ජනපතිවරණයෙන් ජනාධිපති මාසෙලෝ රෙබෙලෝ ඩි-සූසාට විශිෂ්ඨ ජයක් අත් වී තිබෙනවා.

මධ්‍ය - දක්ෂිණාංශික ජනපති සූසාට 61.6% ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ සමාජවාදී පක්ෂයේ ඇනා ගෝම්ස්ට හිමිවී ඇත්තේ 12.2% ක ඡන්ද ප්‍රතිශතයක්.

අන්ත දක්ෂිණාංශික ආන්ද්‍රේ වෙන්චූරාටද 12% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා.

පෘතුගාල ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 35.4% ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories