ඍජු විදේශ ආයෝජනවලින් චීනය අංක එකට

Monday, 25 January 2021 - 11:25

%E0%B6%8D%E0%B6%A2%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%82%E0%B6%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7
පසුගිය වසරේ ලොව වැඩිම නව ඍජු විදේශ ආයෝජන හිමිවූ රට ලෙස චීනය පෙරමුණට පැමිණ තිබෙනවා.

මෙතෙක් එම ස්ථානය හිමිව තිබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයටයි. “අන්ක්ටාඩ්” හෙවත් වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය ප්‍රකාශ කරන පරිදි පසුගිය වසරේදී චීනය වෙත ඩොලර් බිලියන 163 ක නව ඍජු විදේශ ආයෝජන හිමිව ඇති අතර, එක්සත් ජනපදයට හිමිව ඇත්තේ ඩොලර් බිලියන 134 ක ආයෝජනයි.

එහෙත්, 2019 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයට ඩොලර් බිලියන 251 ක ඍජු විදේශ ආයෝජන හිමිවද්දී, චීනයට හිමිවූයේ ඩොලර් බිලියන 140 ක ආයෝජනයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories