ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා කොවිඩ් 19 එන්නත ඉන්දියාවට ගෙන්වීම සඳහා මේ වනවිට මූලික සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වනවා.
ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කරන පරිදි ඇමෙරිකානු ඖෂධ සමාගම සමග එම සාකච්ඡා පවත්වන්නේ ඉන්දියාවේ ටාටා සමූහයේ සෞඛ්‍යාරක්ෂණ සමාගමයි.
ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත මෙන් නොව, මොඩර්නා එන්නත සෙල්සියස් අංශක ඍණ 70ක අධිශීත උෂ්ණත්වයේ ගබඩා කිරීම අවශ්‍ය නොවන අතර, සාමාන්‍යය ශීතකරණ උෂ්ණත්වයේ ගබඩා කළ හැකියි.
එමෙන්ම, නව තාක්ෂණික ක්‍රමයක් යටතේ නිෂ්පාදිත මොඩර්නා එන්නත සියයට 95ක පමණ කාර්යක්ෂමතාවකින් යුක්තයි.
ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන පසුගිය 16 වනදා ආරම්භ වූ අතර, එහිදී ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙන්ම භාරත් බයෝටෙක් කොරෝනා එන්නත් භාවිත කෙරෙනවා.